මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාර්ගික හා ආගමික සමඟිය ආරක්ෂා කිරීම සෑම කෙනෙකුගේම වගකීමක්

    ජූනි 17, 2014
    වාර්ගික හා ආගමික සමඟිය ගොඩනැඟීමත් ආරක්ෂා කිරීමත් සෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකුගේම අද දවසේ ප්‍රමුඛ කාර්යය විය යුතුයැයි සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා ප්‍රකාශ කරයි.
     
    ප්‍රධාන අමාත්‍යවරයා ඒ බව සදහන් කළේ ඊයේ (16) තුල්හිරියේ පැවැති වැඩමුළුවක් අමතමිනි. පළාත් පාලන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ සබරගමු පළාතේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.
     
    සබරගමුව පළාත එක් මහ නගර සභාවක්, නගර සභා තුනක් හා ප්‍රාදේශීය සභා 25කින් සමන්විතය. ඒවායේ නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා සභා ලේකම්වරු මෙම වැඩමුළුවට එක්ව සිටියහ. පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමය, ශ්‍රී ලංකා පළාත් පාලන සංසදය ඒකාබද්ධව සංවිධානය කළ පාලන වැඩමුළු මාලාවක දෙවැන්න මෙය වේ.
     
    පළාත් පාලනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනසභා සහ අධ්‍යක්ෂ ජනරාල් ධම්ම දිසානායක මහතා විසින් සිදුකරන ලදී.
     
    ජනතාවාදී, පාලකයන් සඳහා මෙරට පළාත් පාලන ආයතනවලින් මනා මෙහෙයක්  ඉටුවන බවත් පළාත් පාලන ආයතන ප්‍රධානීන් යනු මෙරට බිම් මට්ටමේ, දේශපාලඥයන් පිරිසක් බව සඳහන් කළ මහ ඇමතිවරයා බදු ගෙවන ජනතාවගේ  මහජන උපයෝගීතාවට අමතරව ඔවුන් වෙත දැවැන්ත සමාජ වගකීමක් පැවරී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙරට වෙලාගනිමින් පැවති ජනවාර්ගික යුද්ධය අවසන් කිරීමට ජනාධිපතිතුමාට හැකි වුණා. ඉන් නොනැවතුනු එතුමා මේ රට ආසියාවේ ඉසුරුමත්ම දේශය බවට පත්කිරීමට දැවැන්ත ආර්ථික විප්ලවයකට රටක් වශයෙන් මුලපුරා තියෙනවා. එහෙත්, රටක් වශයෙන් අප ලබා තිබෙන මේ ජයග්‍රහණ නොරිස්සන පිරිසක් රට තුළත් රටින් බැහැරත් සිටින බව අමතක කළ යුතු නැහැ. දැන් ඔවුන්ගේ වෑයම, මේ රටේ ආගමික සමඟිය විනාශ කරමින් ආගමික ගැටුම් ඇති කිරීමයි. බිම් මට්ටමෙන් දේශපාලන අනුහස් සහිත වගකිවයුතු පිරිසක් වූ පළාත් පාලන ප්‍රධානීන් වශයෙන් ඔබ හැමගේ පමණක් නොව සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අද දවසේ වගකීම වාර්ගික හෝ ආගමික ගැටුම් වළකාලීම සඳහා අවදියෙන් පියවර ගැනීම බව මහ ඇමතිතුමා වැඩිදුරටත් කීය.
     
    මෙම අවස්ථාවට  සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් එච්.පී. කුලරත්න, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදයේ සබරගමු පළාත් අධ්‍යක්ෂ බලංගොඩ නගරාධිපති නිමල් ගාමිණී වීරසිංහ, 
    පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමයේ ශ්‍රී ලංකා කළමනාකාර ආර්. ෂන්මුගරාජා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya