මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම පුරප්පාඩු මේ වසරේදී පුරවනවා

    ජූනි 17, 2014
    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම පුරප්පාඩු මේ වසරේ දෙසැම්බර් 31 ක් වෙනිදා වන විට පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පසුගියදා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් ලිපි  ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 
     
    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III වන පන්තියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයෙන් 135දෙනෙකු,  සීමිත තරග විභාගයෙන් 130 දෙනෙකු හා ජ්‍යෙෂ්ඨතා හා කුසලතා මත 159 දෙනෙකු යනාදී වශයෙන් පත්වීම් ලිපි 424ක් මෙහිදී ප්‍රදානය කෙරිණි.
     
    රාජ්‍ය සේවා කොමිසම් සභාවේ නියම හා කොන්දේසි මත මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන අතර මෙම බඳවා ගැනීම් රාජ්‍ය සේවා කොමිසම් සභාව යටතේ සිදු වන ක්‍රියාවලියක් බැවින් දීර්ඝ කාලයක් ගත වන බව ද අමාත්‍යතුමා පෙන්වා දුන්නේය. 2012 වන විට  පැවති පුරප්පාඩු 558ක් සඳහා ගැසට් නිවේදනය නිකුත් කර විභාග පවත්වා සම්මුඛ පරීක්ෂණ පවත්වා රාජ්‍ය සේවා කොමිසම් සභාවේ නිර්දේශ මත මෙම බඳවා ගැනීම් සිදු කර තිබේ. මේ වන විට පවතින පුරප්පාඩු 258ක් සඳහා රාජ්‍ය සේවා කොමිසම් සභාවේ නිර්දේශ මත ඉදිරි මාස කිහිපය තුළ  එම පුරප්පාඩු සඳහා ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
     
    විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙන් ශිල්ප ශාස්ත්‍ර වෙනුවට ශිල්ප නැති ශාස්ත්‍ර පමණක් දරුවන්ට ලබාදීම හේතුවෙන් සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වන දරුවන් සමාජයේ අතරමං වන බවත් ලෝකය දිනන අයට විවිධ ක්‍රියාකාරකම් තුළින් ඉදිරියට යා හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 25 වැනි අධ්‍යාපන පනත තුළින් නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීමට කටයුතු කර තිබෙන බවත් එහිදී අවුරුදු 4 සිට 14 දක්වා දරුවන්ට ඉගැන්වීම සඳහා නව පාඨශාලා ආරම්භ කිරීම තහනම් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.   
     
    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් උපාලි මාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya