මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර කිහිපයක් ඉදිරි දිනවල සිසු අයිතියට

    ජූනි 17, 2014

    යාපනය වඩ්ඩු විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය හෙට (18) පෙරවරු 9.00ට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පවරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දහසක් වැඩසටහන්හි අධ්‍යාපන අධ්‍යක්ෂ පියසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    මෙදින පෙරවරු 11.30ට කොඩිකාමම්හි වරණි විද්‍යාලයේ නවීකරණය කරන ලද පාසල් ගොඩනැගිලි සියල්ල සිසු අයිතියට පත්කිරීමට ද කටයුතු කරනු ඇත.


    මේ අවස්ථාවට සාම්ප්‍රදායික කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන් සහභාගිවීමට නියමිතය.


    ලබන 21 දින පෙරවරු 8.30ට කෑගල්ල ගනේතැන්න මහා විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමත් මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨයට මුල්ගල තැබීමත් සිදු කරන්නේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.


    මෙදින පෙරවරු 11.30ට හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලයේ හා හෙම්මාතගම අල් අසාර් විද්‍යාලයේ නව මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර විවෘත කිරීමට නියමිතය. එම විද්‍යාලවල ඉදිකිරීමට නියමිත මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ සඳහාත් මුල්ගල තබනු ඇත.


    ලබන 23 දින පෙරවරු 9.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල ගල්ගමුව මහා විද්‍යාලයේ නව මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමට නියමිතය.


    මෙදින පෙරවරු 10.30ට සියඹලාණ්ඩුව ඉදිකරන ලද ගුරු ගම්මානය ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.


    එදිනම පස්වරු 12.30ට මොණරාගල වැදිකුඹුර විද්‍යාලෝක විද්‍යාලයේ නවීකරණය කරන ලද පාසල් ගොඩනැගිලි සිසු අයිතියට පත්කිරීමත් සිදු කරනු ඇත.


    මේ අවස්ථාවට අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, අමාත්‍ය සුමේධා ජී. ජයසේන, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්ම මහත්මීන් එක්වනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya