මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා සංවර්ධන කටයුතු වෙනුවෙන් මිලියන 700ක්

    ජූනි 17, 2014
    ශ්‍රී ලංකාව අද වන විට ළඟා කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳ ඇතැම් ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඊර්ෂ්‍යාවෙන් පසුවන බව ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය. 


    එබැවින් එම සංවිධාන ලංකාව පිළිබඳ සෑම විටම අසුබවාදී ආකල්ප දරමින් අසත්‍ය මත ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා ඊයේ (16) පෙරවරුවේ මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ පැවති දිරි දිවි ප්‍රසාදිනී උළෙලට සහභාගීවෙමින් පැවසීය.

     

    මීට වසර කිහිපයකට පෙර එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාව මාතෘ මරණ සහ බිළිඳු මරණ වැඩියෙන්ම වාර්තා වූ රටක් ලෙස හඳුනාගෙන තිබුණ බව පැවසූ අමාත්‍යවරයා අද වන විට එය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන බවද පැවසීය. යුද්ධය අවසන් කොට ලබා ගත් ජයග්‍රහණය නිසා අද ලංකාව ශීඝ්‍රයෙන් දියුණුවට පත් වන බව පැවසූ අමාත්‍යවරයා ඇතැම් රටවල් ඒවා නොරිස්සුම් ස්වරූපයෙන් දකින බවද සඳහන් කළේය. 

     

    අපේම රටේ ඇතැම් පිරිස්ද මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ වන බව පැවසූ අමාත්‍යවරයා කාන්තා අමාත්‍යංශය පුරුෂ පාර්ශවයේ අමාත්‍යවරයෙක් දැරීම ගැනද ජාත්‍යන්තරයට දැනුම් දී ඇති බව පෙන්වා දෙන ලදී. සැලකිලිමත් විය යුත්තේ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද යන්න නො වේ. අදාළ අමාත්‍යංශයෙන් කෙරෙන වැඩ කොටසයි. ඒ ගැන සලකා බලන ලෙස ඔවුන්ට දැනුම්දෙන බව ද ඔහු පැවසීය.

    මෙම වසරේ ළමා සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 700ක මුදලක් වෙන් කර ඇති පැවසූ අමාත්‍යවරයා එම මුදලින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 11ක් ඍජුව ලබා දෙන බවද පැවසීය. මහින්ද චින්තනය යටතේ පොරොන්දු වූ පරිදි කිරි වීදුරුව ලබාදීමේ වැඩසටහන යටතේ දැනට දරුවන් 266,000කට වැඩි ප්‍රමාණයකට කිරි වීදුරුව ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා එහි සුළු අඩුපාඩු පැවතිය හැකි බවද පෙන්වා දෙන ලදී. 

    ඉදිරියේදී එම අඩුපාඩුද නිවැරදි කර ගත හැකියි. ඇතැම් ජනමාධ්‍ය මෙම වැඩසටහන් සඳහා ලබා දෙන ප්‍රතිචාර කනගාටුදායකයි. රජයේ හොඳ වැඩ ගැන කිසි විටක කතා නොකරන ඇතැම් ජනමාධ්‍ය ඇතැම් සුළු අඩුපාඩු උලුප්පා දක්වමින් කනගාටුදායක අන්දමින් කටයුතු කරන බවද ඔහු පැවසීය.

     

    මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න යන මහත්වරු සහභාගී වූහ.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya