අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල සංස්කෘතික නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ජූනි 16, 2014
    ජනශ්‍රැතිය භාෂා ව්‍යාවහාරය හා ඒවා එක් රැස් කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ සංස්කෘතික නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කුරුණෑගල බිෂොප් ශා‍ලාවේදී පැවැත්විණ. 
    පාසැල් විෂය සඳහා ජන සංගීතය එකතු කිරීම ඉතා සුදුසු දෙයක් බව ජනශ්‍රැතිය පිළිබඳ සංස්කෘතික නිලධාරීන් දැනුවත් කළ රෝහණ බැද්දගේ මහතා ප්‍රකාශ කළේය. දැයේ දරුවනට පැරණි ජන කතා, ජන කවි පිළිබඳ දැනුමක් ලබා දීම තුළින් නිර්මාණශීලී දරුවකු බිහි කළ හැකිය. නමුත් වර්තමානයේ අපේ දරුවන් කාටුන් නැරඹීමට යොමුව ඇති බවත් ඒවායේ කිසිදු සෞන්දර්යාත්මක බවක් නොමැති බැවින් මෙම කාටුන් නැරඹීමෙන් මනස විකෘති වන බවත් ඒ තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ගිලිහී ගොරහැඬි සංස්කෘතියක් බිහිවන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    මෙවැනි වැඩසටහන් පැවැත්වීම ඉතාම සුදුසු දෙයක් බවත් වයඹ පළාත තුළ විසිර පවතින ජන කතා ඒකරාශී කරගෙන කෘතියක් සෑදීමට පියවර ගැනීම අනාගත පරපුර සඳහා කරන මහඟු මෙහෙවරක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
     
    මෙම වැඩසටහන ජනශ්‍රැති හා ජන සංගීත අනු මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කළ අතර ප්‍රවීණ දේශකයන් රැසක් මෙහිදී දේශන පැවැත්වූහ. 
     
    MAP/SA_dmu_kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya