අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම නිලධාරී සේවය ඉතාමත් විශිෂ්ට රාජකාරියක්

    ජූනි 16, 2014
    ග්‍රාම නිලධාරී සේවය ඉතාමත් විශිෂ්ට රාජකාරියක් බවත් දිස්ත්‍රික්කය දිසාපති විසින් ද ප්‍රදේශයේ පාලනය ප්‍රාදේශීය ලේකම් විසින් ද ගමේ පාලනය එහි ප්‍රධාන පරිපාලකයා ලෙස ඔබ විසින් ද මෙහෙයවන අතර ඔබ ගමේ සිටින රාජ්‍ය නිලධාරියා යැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා පැවසීය. 

    ගමේ ප්‍රමුඛයා විය යුතු ඔබයි. ග්‍රාමීය මට්ටමින් විවිධ රාජ්‍ය ආයතනවලින් නිලධාරීන් පත් කර ඇතත් ඔබ කරන නිර්දේශය ඉහළ පරිපාලනය පිළිගනු ඇත. ඔබ තබන අත්සන එහිදී ප්‍රබලයි. මිනිසුන්ගේ උපතේ සිට විපත දක්වා සිදු වන සියලු කටයුතුවලදී ඔබේ නිර්දේශය ඔබ වගකීමෙන් හා සාධාරණත්වයෙන් ඉටු කළ යුතු වේ. ගමේ ජනතාව සමඟ නිරන්තර සහසම්බන්ධතාවක් ඔබ ගොඩනගා ගත යුතුයි. ජනතාවගේ උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා වූ සියලු කටයුතු ඔබගෙන් ඉටු විය යුතු බවත් මෙවැනි කාර්යයන් අවංකවත් කාර්යක්ෂමවත් ඉටුකිරීම තුළින් ඔබේ රාජකාරී ජීවිතය සාර්ථක වන බවත් ඔහු සඳහන් කළේය.

     

    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික්කය වෙත අලුතින් බඳවා ගත් ග්‍රාම සේවා නිලධාරින් 101 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කළ අවස්ථාවේදීය.

     

    වැඩිදුරටත් අදහස් දක්වමින් දිසාපතිවරයා මෙසේද පැවසීය. "ඔබ අද සිට ස්ථිර පත්වීමකට හිමිකම් කිව්වත් ඔබ සිතන්න එපා ඔබට තව අවුරුදු 03ක පරිවාස කාලයක් තියෙනවා. ඒ කාලය තුළ ඔබ විසින් ඉටු කරන රාජකාරිය යුක්ති සහගත විය යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබ අකාර්යක්ෂම සේවකයෙක් ලෙස රාජ්‍ය නීතිරීතිවලට යටත් වීමට සිදු වෙනවා. ඔබලා ඉතාමත් නිර්මාණශීලී හොඳ නායකත්ව හැකියාවක් තිබෙන කණ්ඩායමක්. පසුගිය දිනවලදී ඔබ පුහුණු කාලසීමාව තුළ දී දැක්වූ දක්ෂතාවලින් ඒ බව වැටහී ගියා. මින් පසු තම රාජකාරි කිරීමට වසමක් ලැබෙනවා. කාර්යාලයක් ලැබෙනවා. එම කාර්යාලය සැලසුම් සහගතව තබා ගැනීමට හා එම ස්ථානය ආකර්ෂණීය තැනක් බවට පත් කිරීමත් ඔබේ යුතුකමක්. 

     

    තමාගෙන් සේවය බලාපොරොත්තුවෙන් එන ජනතාව සමඟ හොඳ සම්බන්ධීකරණයකින් කටයුතු කළ යුතුයි. ඔවුන්ගේ දුක් ගැනවිලිවලට සාවධානව සවන් දිය යුතුයි. සමහර ග්‍රාම නිලධාරීන් උදව් කර පෙරළා ඔවුන්ගෙන් විවිධ වරප්‍රසාද බලාපොරොත්තු වෙනවා. ඇතැම් නිලධාරීන් තමාට ලැබුණු නිල නිවස පවා වෙනත් අයට බදු දීම නිසා වැරදිවලට දඬුවමක් ලෙස ඔවුන්ගේ සේවය අත්හිටුවන්නටත් තීරණය කළා. මාගේ විශ්වාසය ඔබ එසේ නොවන බවයි. ඔබට පැවරෙන වගකීම හෘදය සාක්ෂියට එකඟව ඉටු කරන්න. එවිට රාජ්‍ය සේවය ශක්තිමත් වෙනවා. අද ඇති තාක්ෂණික ලෝකයත් සමඟ ඔබට ඉදිරියට යන්න වෙනවා. එක රාමුවකට කොටු නො වී විවිධ රාජ්‍ය ආයතන, පුද්ගලයන් සමඟ හොඳ සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමෙන් ජනතා සේවයට ලොකු ශක්තියක් ලැබෙන බවත්" ඔහු සඳහන් කළේය.

     

    NDH/JW-dmu colombo

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya