අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර රැකියා මධ්‍යස්ථානයෙන් නවකයින් 131කට රැකියා

    ජූනි 16, 2014
    ඵලදායිතා ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ රැකියා සපයාදීමේ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්ථානය හරහා තරුණ තරුණියන් 131ක් රැකියාගත කොට ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි. 
     
    2014 වර්ෂය සඳහා මෙම මධ්‍යස්ථානයේ රැකියා අපේක්ෂකයින් 880 දෙනෙකු ලියාපදිංචි කර ඇති අතර 131 දෙනෙකු සුදුසු රැකියා සඳහා යොමු කර ඇත. පසුගිය මැයි මාසය සඳහා පමණක් ලියාපදිංචි කිරීම් 200ක් හා රැකියාගත කිරීම් 30ක් සිදු කර තිබේ. 
     
    දිස්ත‍්‍රික් රැකියා සේවා මධ්‍යස්ථානය හරහා රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ලියාපදිංචි කරගැනීම සහ ඔවුන්ට සුදුසු රැකියා අවස්ථා සපයාදීමට කටයුතු කරයි.
     
    මීට අමතරව රැකියා අපේක්ෂිතයන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගෙන අදාළ පුහුණු ආයතන වෙත යොමු කිරීම, වෘත්තීය මාර්ගෝපදේශනය සඳහා යොමු කිරීම හා ස්වයං රැකියා අවස්ථා සඳහා යොමු කිරීමද සිදු කරනු ලැබේ.
     
    ලෝක මට්ටමේ ශ‍්‍රී ලාංකීය ශ‍්‍රම බලකායක් බිහිකිරීම සහ ගෝලීය වශයෙන් තරගකාරී ශ‍්‍රම බලකායක් ගොඩනැගීම හා අපේ මානව සම්පත්වල මුළු ශක්තිය සමාජ ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. 
     
    DB/TI Dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya