අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරුනගර් මහල් නිවාස සංකීර්ණය ඊයේ ජනතා අයිතියට

    ජූනි 16, 2014
    වසර 29කට පසු රුපියල් මිලියන 110ක වියදමින් සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද යාපනය ගුරුනගර් මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ සහ සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (15) ජනතා අයිතියට පත් කෙරුණි.
     
    මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වෙස්ත්‍රි ඇලන්ටින්, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, යාපනය නගරාධිපතිනි යෝගේෂ්වරී පත්කුනරාසා, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි ඉන්දිරා ලෝපෙස්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස සංවර්ධන) කේ.ඒ. තිලකරත්න, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 
    සාමන්‍යාධිකාරි බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ මහත්ම මහත්මීහු, ප්‍රාදේශීය දේශපාලන නායකයෝ, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
     
    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේෂ්වරන් මහතාට මෙම උත්සවයට සහභාගි වන ලෙස නිවාස අමාත්‍යංශයෙන් ආරාධනා කර තිබුණද ඒ මහතා මෙම අවස්ථාවට සහභාගි නොවීය.
     
    DB
     
    MP WW GURUNAGAR 1
     
     
    MP WW GURUNAGAR 2
     
    MP WW GURUNAGAR 3
     
    MP WW GURUNAGAR 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya