අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කුරුණෑගලදී

    ජූනි 16, 2014
    ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
    සෑම වසරකම ජූනි - ජූලි මාස වලදී ඡන්ද හිමියන් ලියාපදිංචි කරන අතර එහි ඇති වැදගත්කම නිසා ඡන්ද හිමියන්ගේ දිනය ලෙස ජූනි මස 01 පත් කර ඇති බවත් සෑම පුරවැසියකුට හිමිවිය යුතු තැන පිළිබඳව පුද්ගලයන් දැනුවත් කිරීම මෙහිදී සිදුවන බවත්, ඡන්දය පාවිච්චි කිරීමේදී තමන් උදෙසා තීරණ ගැනීමට නියෝජිතයින් පත් කර ගැනීමට ජනතාවට ඇති අයිතිය ලබා දීමට  මෙම ලියාපදිංචිය අත්‍යවශ්‍ය බවත් මෙම අවස්ථාවට සහභාගී වූ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර මහතා ප්‍රකෘශ කළේය.
     
    ජන්ද අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ජන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය බවත් ඡන්දය අනිසි ලෙස වෙනත් පුද්ගලයන් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඡන්ද හිමියන්ගේ ජන්ද අයිතිය  අහෝසි වීමෙන් වයඹ පළාතේ පැවැත්වුන එක් ඡන්දයකදී ඡන්ද මධ්‍යස්ථාන 212ක ඡන්දය ශුන්‍ය කළ බවත් මෙම අවස්ථාවවේදී හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.   
     
    අවුරුදු 18 කට වැඩි සෑම පුද්ගලයෙකුටම මෙම ඡන්ද අයිතිය ලබා ගත හැකි බවත්, සෑම වසරකම මෙම ලියාපදිංචිය වෙනුවෙන් රජය රුපියල් කෝටියක පමණ මුදලක් වැය කරන බවත්, තමන්ගේ පදිංචිය වෙනස් වූ වහාම කලින් පදිංචි වූ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරියාගේ සහතිකයක් නව කොට්ඨාශයේ ග්‍රාම නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් ඡන්දහිමි නාම ලේඛණයට ඇතුලත් විය හැකි බවත් හි‍ටපු මැතිවරණ කොමසාරිස් වරයා පෙන්වා දුන්නේය.
     
    1931 දී අපට ලැබුණු සර්වජන ඡන්ද බලය අවුරුදු 83 ක් භුක්ති විඳින බවත් ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර ගැනීමට රාජ්‍ය සේවකයන් ලෙස කැපවීමෙන් ක්‍රියා කල යුතු බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
     
    මෙම අවස්ථාවට කුරුණෑගල සහකාර මැතිවරණ කොමසාරිස් ටී.ඒ.සී.එන්.තලංගම, අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුණ සමරදිවාකර යන මහතුන් ද, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් හා පාසැල් සිසුන් ද සහභාගි වූහ.
     
    MAP_dmu_ak
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya