මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුණාත්මක අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම රජයේ අරමුණයි

    ජූනි 16, 2014
    රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතාව නිවැරදිව අවබෝධ කර ගත් ගුණාත්මක අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම රජයේ අරමුණ බවත් අධ්‍යාපනයට සීමා මායිම් නොමැති නිසා ර‍ටේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වන දරුවෙකුට තමන් කැමැති අධ්‍යාපනයක් ලැබීමේ අවකාශ තිබිය යුතු බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

     අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි පැවති Future Minds -2014 ජාතික අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය විවෘත කරමිනි. නාලන්ද විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරන ලද මේ ප්‍රදර්ශනය ඊයේ (15) සහ පෙරේරා (14) මහනුවරදී පැවැත්විණි.
     

    පෞද්ගලික අංශයේ අධ්‍යාපනයට එරෙහිවීම මෙරට සංස්කෘතියේම කොටසක් වී තිබෙන බවත් අද ලෝක ප්‍රවණතාව අධ්‍යයනය කිරී‍මේදී අධ්‍යාපන අංශය තුළ පෞද්ගලික අංශය විශාල ඉදිරි ගමනක් පැමිණ තිබෙන බවත් කී අමාත්‍යවරයා එංගලන්තය වැනි රටවල අද විශාල ලෙස රටට මුදල් ගෙන්වා ගන්නේ මෙම ක්ෂේත්‍රය ඔස්සේ බවද අවධාරණය කළේය.


    සාමාන්‍ය පෙළ විභාගයට ලක්ෂ 05ක් පෙනී සිටින නමුත් උසස් පෙළට පෙනී සිටින්නේ 325,000ක පමණ පිරිසකි. ඉන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 22,000ක පමණ සිසුන් සංඛ්‍යාවකි. විශ්වවිද්‍යාල වරම් නොලබන අතිවිශාල පිරිසක් සිටිනු ඇත. ඔවුන්ටද උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමේ අවකාශ තිබිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

     

    එම රික්තය පෞද්ගලික අංශය මඟින් පිරවීම අත්‍යවශ්‍ය කරුණකි. මෙහිදී එම ආයතනවලින් ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක බවත් එය වත්මන් රැකියා වෙළෙඳපොළට ප්‍රයෝජනවත් වේද යන්න පිළිබඳවත් රජය අවධානයෙන් පසුවන බවද අමාත්‍යවරයා කීවේය.

     

     

     

    මෙම අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය කොළඹින් බැහැරව පැවැත්වීම අගය කළ යුතුයි. මෙය අනාගතයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලද පැවැත්විය යුතුයි. අධ්‍යාපනයේ ගුණාත්මක බව හා වාණිජ අරමුණු පෞද්ගලික අධ්‍යාපනික ආයතන සමඟ සමබර විය යුතු බවත් වාණිජ අරමුණු මත පමණක් පදනම් වුවහොත් ඉන් සිසුන් ලබන සහතිකයට වටිනාකමක් නොමැති වී යන බවත් රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

     

    IMG 5305

     

    IMG 5345

     

    IMG 5201

     

    IMG 5394

     

    IMG 5219

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya