මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයට බරක් නොවන උපාධිධාරීන් බිහිකිරීම වත්මන් රජයේ ඉලක්කයයි

    ජූනි 16, 2014
    විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ගෙන් බහුතරය කලා උපාධිධාරීන් බවත්, ඔවුනට රැකියා වෙළෙඳපළ ජයගැනීම දුෂ්කර කාර්යයක් නිසා අවසානයේ ඔවුන් සියලු දෙනාට රජයේ රැකියා ලබා දීමට සිදුවන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. 
     
    ඒ මහතා මෙම අදහස් පළ කළේ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික පීඨයට මුල්ගල් තැබීම වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පසුගියදා සහභාගි වෙමිනි.
     
    අපේ රටේ විශ්වවිද්‍යාලවලින් වසරකට කලා උපාධිධාරීන් 8,000ක් විතර බිහිවෙනවා. බාහිර උපාධිධාරීන් 12,000ක් විතර, ඔක්කොම 20,000ක්, අවුරුදු දෙකකට විතර පස්සේ කලා උපාධිධාරීන් ඇතුළුව රැකියා නොමැතිව ගෙවල්වල ඉන්නවා උපාධිධාරීන් 50,000ක් 60,000ක් විතර. මේ අපේ රටේ දක්ෂ ළමයි. මොකද විශ්වවිද්‍යාලවලට තේරෙන්නේ බොහොම සිමිත පිරිසක්. මේ තත්ත්වය වෙනස් කරන්න තමයි දැන් තාක්ෂණික විෂය ධාරාව උසස්පෙළට හඳුන්වා දී තිබෙන්නේ. මේ තුළින් දැනට පාසල්වල දරුවන් 50%ක්  හදාරණ කලා විෂය ක්‍රමානුකූලව අඩුකර එය 2016 වන වි‍ට 10% දක්වා පහළ අගයකට ගෙන ඒම තමයි රජයේ ඉලක්කය. ඒ ඉලක්කය කරා යන්න, පාසල්වල තාක්ෂණික විෂය ධාරාව ආකර්ෂණීය විෂය ධාරාවක් බවට පත් කරන්න අපට හැකි වෙන්නෙ පාසල් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම තුළින්, එම ඉලක්ක කඩිනමින් සපුර ගන්න අපේ රජය තීරණය කරලා තියෙනවා. මේ අනුව රට පුර ජාතික පාසල් 251ක් සඳහා මහින්දෝදය තාක්ෂණික පීඨ ඉදිවෙනවා. අද මේ පාසලේ වැඩ ආරම්භ කෙරෙන්නෙත් ඒ තාක්ෂණික පීඨයක්. 
     
    මෙම මහින්දෝදය තාක්ෂණික පීඨය ඉදිකිරීම සඳහා රජය වැයකරන මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකි. මෙම එක් පීඨයක් සඳහා තවත් කෝටි පහක අධ්‍යාපන උපකරණ ලබා දෙනු ලැබේ. වසර දෙකක් තුළ ඉදිකිරීම් අවසන් කෙරේ.
     
    විපක්ෂය අධ්‍යාපනයට වෙන්කරන මුදල් ප්‍රමාණවත් නොවන බව කීවද රට පුරා මහින්දෝදය විද්‍යාගාර 1000ක් ඉදිවෙමින් පවතින බවත් ළමා මිතුරු පාසල් සංකල්පය යටතේ පාසල් 5000ක් සංවර්ධනය කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    ජනාධිපතිතුමාගේ සංකල්පයන් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මනා කළමනාකාරීත්වයකින් සිදුකරන නිසා අපේ අධ්‍යාපනයේ අනාගතය සුබවාදී බව සක්සුදක් සේ පැහැදිලි බවත් සෙනවිරත්න මහතා පෙන්වා දුන්නේය. 
     
    මෙම අවස්ථාවට පැල්මඬුල්ල ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායක සබරගමු පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, සබරගමු පළාත් අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය භාණු මුනිප්‍රිය, පළාත් සභා මංත්‍රී වරුණ ලියනගේ, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති නීල් ධම්මික මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
     
    DB
     
    MP WDJ RATHNAPURA 1
     
     
    MP WDJ RATHNAPURA 2
     
    MP WDJ RATHNAPURA 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya