අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවේ ප්‍රථම මැටි භාණ්ඩ කෞතුකාගාරය විවෘත කෙරේ

    ජූනි 14, 2014
    බියගම විජේසේකර පුර මැටි කර්මාන්ත මධ්‍යස්ථාන පරිශ්‍රයේ බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම මැටි භාණ්ඩ කෞතුකාගාරය 19දා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි.
     
    මැටි භාණ්ඩ කෞතුකාගාරයෙහි කැලණි මිටියාවතේ මැටි භාණ්ඩ මෙන්ම, කර්මාන්තය සඳහා භාවිත කළ සහ කරන උපකරණද, මැටි කර්මාන්ත ඉතිහාසය සහ කර්මාන්තයේ විකාශනය පිළිබඳ තොරතුරු ද ඇතුළත් වේ.
     
    බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සංකල්පයක් අනුව මෙම මැටි භාණ්ඩ කෞතුකාගාරය ඉදිකොට ඇත. 
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya