මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාතේ ජංගම‍ සේවා 46ක් දින10ක් තුළ අවසන්

    ජූනි 15, 2014

    ගමේ ජනතාවගේ නොවිසඳුනු ප්‍රශ්න විසඳීම සඳහා ගමකින් ගමකට ගෙයකින් ගෙයකට ජාතික වැඩසටහන යටතේ ඌව පළාතේ පැවැත්වෙන ජංගම ප්‍රජා සත්කාර සේවා 886න් ජංගම සේවා 46ක් දින 10ක් තුළ පවත්වා ඇති අතර ඉතුරු සියලු ජංගම සේවා තෙමසක් තුළ මුළුමනින් නිමාවට පත්කිරීමට කටයුතු යොදා ඇත.


    බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල මැතිවරණ ආසන 12කට  අයත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 26ක ජීවත් වන ලක්ෂ 13කට ආසන්න ජනතාවගේ අවශ්‍යතා ඍජුවම හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ අපේක්ෂාවෙන් පවත්වනු ලබන මෙම ජංගම සේවා වැඩසටහන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පැවත්වේ.


    ජුනි 13වැනිදා දක්වා පැවති මෙම ජංගම සේවා 46 සඳහා ගම්වාසින් 18,483ක්ද මහජන නියෝජිතයින් 184ක්ද ප්‍රජා සංවිධාන 780ක නියෝජිතයින්ද රාජ්‍ය නොවන සංවිධාන 18ක්ද පෞද්ගලික ව්‍යවසායකයින් 42ක්ද සහභාගි වී ඇති අතර සහභාගි වූ රජයේ අමාත්‍යාංශ 35ක රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාව 4489කි.


    කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි පැවති ජංගම සේවාවල ඉහළ සාර්ථිකත්වය හේතුවෙන් ඌව පළාතේ බදුල්ල, මොනරාගලද දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොටද රත්නපුර යන දිස්ත්‍රික්කයන්හිද මේ අනුව ජංගම සේවා මේ වසර තුළදී පැවැත්වේ.


    ඉකුත් සතියේ ඌව පළාතේ පැවති ජංගම සේවාවන්හිදි උප්පැන්න, විවාහ, මරණ සහතික, හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර ඇතුළු බලපත්‍ර වර්ග, ඇස් කණ්ණාඩි අත්වාරු, රෝද පුටු වැනි ඉල්ලීම්ද, ඉඩම්, නිවාස, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සත්ත්ව පාලන වශයෙන් ගැටලු ඉදිරිපත් වූ අතර ඉන් බොහෝමයකට විසඳුම් ලබාදුන් බව මොණරාගල දිසා ලේකම් ඒ. පද්මනාදන් සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක යන මහත්වරු ප්‍රකාශ කරති.


    මෙම ජංගම සේවාවල ක්‍රියාත්මක වූ සෞඛ්‍ය සායන, මාතෘ හා ළමා පෝෂණ වැඩසටහන්, ආහාර සැකසීම, රූපලාවන්‍ය පුහුණු වැඩසටහන් කෘෂිකර්ම, සත්ත්ව පාලන, ධීවර, ව්‍යවසාය සංවර්ධන දැනුවත් කිරීමේ වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ, ශ්‍රමදාන, ආගමික සහ පරිසර වැඩසටහන්වලට ඉහළම ජනතා සහභාගිත්වයක් ලැබී තිබේ.


    HC/DW_med

     

    Forty six Uva mobile services completed 1

    Forty six Uva mobile services completed 2

    Forty six Uva mobile services completed 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya