අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර හා මිහින්තලේ දිවා රාත‍්‍රී බත් දන්සල් පහක්

    ජූනි 13, 2014

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් ප‍්‍රධාන අමාත්‍යවරයා යටතේ පවතින අමාත්‍යාංශවලට අයත් ආයතන මගින් පොසොන් පොහොය නිමිත්තෙන් දින තුනක් (03) තිස්සේ අඛණ්ඩව දිවා රාත‍්‍රී බත් දන්සල් පහක් (05) අනුරාධපුරය හා මිහින්තලේ කේන්‍ද්‍ර කොට ගෙන පැවැත්විණි.


    උතුරු මැද පළාත් සභා ඉතිහාසය තුළ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයෙකුගේ මෙහෙයවීමෙන් පවත්වන ලද වැඩිම බත් දන්සල් ප‍්‍රමාණය මෙය වේ.


    උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මිහින්තලේ පවත්වන ලද බත් දන්සල විවෘත කරන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසිනි. ප‍්‍රධාන අමාත්‍ය නිල නිවස අසල පැවැති බත් දන්සල පළාත් පාලන ආයතනය විසින් ද පළාත් සභා භූමියේ පැවැති බත් දන්සල ප‍්‍රධාන අමාත්‍යාංශය විසින් ද රුවන්වැලි චෛත්‍ය අභියස පැවැති බත් දන්සල පළාත් නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය විසින් ද පවත් වන ලද අතර එස්.එම්. චන්‍ද්‍රසේන පදනම විසින් රුවන්වැලි චෛත්‍ය අභියස පැවැත්වෙන ස්වර්ණමාලී දොළොස් මහේ බත් දන්සල දිවා රාත‍්‍රී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
     

    ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා මෙම සියලු දන්සල් ද විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන මහතාගේ මෙයෙවීමෙන් මිහින්තලේ දී හා අනුරාධපුර අමාත්‍ය නිවසේ දී පැවැත් වූ මහා බත් දන්සැල් ද ප‍්‍රධාන අමාත්‍යවරයා නිරීෂණය කරමින් වන්දනා කරුවන්ට දන් පිළිගැන්විය.
     

    පොසොන් දිනවල මිහින්තලය, අටමස්ථානය හා තන්තිරිමලේ කේන්‍ද්‍ර කොට ගෙන පැවැති පොසොන් පිංකම්වලට දායක වූ හා දිවයිනේ සතර දෙසින් වන්දනාවේ පැමිණි බැතිමතුන්ට ප‍්‍රධාන අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් පැවැති මහා බත් දන්සල් ඉමහත් අස්වැසිල්ලක් වූ අතර දන්සල්වලට පැමිණි දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් දිවා රාත‍්‍රී ආහාර ලබා ගැනීම සුලභ දසුනක් විය.
     

    ඡායාරූපය: ජනාධිපතිතුමා විසින් මිහින්තලේ දී දරුවකුට දන් පිළිගැන්වූ අයුරු. මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන සහ පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරු ද ඡායාරූපයේ වෙති.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya