අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය ගුරු නගර් මහල් නිවාස සංකීර්ණය හෙට ජනතා අයිතියට

    ජූනි 14, 2014
    කොටි ත්‍රස්තවාදීන‍්ගේ ප්‍රහාරයෙන් විනාශ වූ යාපනය ගුරු නගර් මහල් නිවාස සංකීර්ණය රුපියල් මිලියන 100ක වියදමින් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර හෙට (15) ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරංවශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ. 
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “ජනසෙවණ” නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක නඟමු පුරවර වැඩසටහන යටතේ  යාපනය ගුරු නගර් මහල් නිවාස ව්‍යාපෘතිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කෙරිණ.
     
    1985 වර්ෂයේදී ආරම්භ කරන ලද යාපනය ගුරුනගර් මහල් නිවාස ව්‍යාපෘතිය මහල් 5කින් සමන්විත ගොඩනැගිලි 8කින් යුක්තය. 
     
    ගුරු නගර් නිවාස ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබිණ. ඒ අනුව, 2013 වර්ෂයේ අප්‍රේල් මාසයේදී විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් විනාශ වූ ගුරු නගර් නිවාස ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පවරන ලදී. 
     
    ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ අතර වසරක් ඇතුළත සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලදී.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya