අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට පුරා ආගමික ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා

    ජූනි 13, 2014
    දශක තුනක කුරිරු යුද්ධය අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ වසර 03ක් වැනි කෙටි කාලයකින් නිමා කර රටේ නව සංස්කෘතියක් ඇති කළ නිසා රට පුරා ආගමික ප්‍රබෝධයක් ඇති වී තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

     

    එදා දේවානම්පියතිස්ස රජ සමය දක්වා ආගමක් දහමක් නොමැතිව තිබූ ලක්බිමට මිහිඳු  හිමියන් වැඩම කළ පොසොන් පුර පොහෝ දිනෙන් පසු එම සමය නිමා වූ බව පැවසූ අමාත්‍යවරයා වර්තමාන රාජ්‍ය නායකයා ද ආගමට දහමට ලැදි ආගමානුකූල නායකයෙකු වශයෙන් කටයුතු කිරීම තුළින් රට තුළ ආගමික ප්‍රබෝධයක් ඇති වී තිබෙන බවයි.

    වර්තමාන පරපුර පිං පව් දෙක හඳුනාගෙන කටයුතු කිරීමට පෙළැඹී සිටින බව ද ඔහු අවධාරණය කළේය.


    රටට දායාද කළ සාමයත් සමඟ නව සංස්කෘතිය තුළින් ගමින් ගමට සංවර්ධනයේ නව අරුණැල්ල ළඟා වන බවත් හක්මන ප්‍රදේශය එවැනි දැවැන්ත සංවර්ධන මාවතකට පිවිස ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ ආරම්භ කළ ලස්සන හක්මන පොසොන් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

     

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාගේ හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් ප්‍රදේශයේ ජනතාවගේ සහය ඇතිව වසරක් පාසා පවත්වනු ලබන මේ පොසොන් කලාපය ඊයේ හක්මන නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.

    තොරණ, දන්සල්, පහන් කූඩුවලින් සමන්විත මේ කලාපය හෙට (14) හක්මන ජයසුමනාරාම විහාරස්ථානයේ මිහිඳු මහ පෙරහැර ද සමඟින් වර්ණවත් වේ. අනිද්දා (15) දක්වා පැවැත්වෙන මේ පොසොන් කලාපය පහන් කූඩු තරග, බැති ගී තරග හා විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත වන අතර මේ අවස්ථාවට දායක වන තරගකරුවන්ට සේදර සෙනරත් පදනම මඟින් වටිනා ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya