නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග සංවර්ධන අධිකාරියේ නව ව්‍යාපෘති ගොඩනැගිල්ල ඉදිකිරීම ඇරඹේ

    සැප්තැම්බර් 30, 2016

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නව ව්‍යාපෘති  ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (29) සිදු කෙරිණ.

    බත්තරමුල්ල , උඩුමුල්ල පාර මාර්ග සංවර්ධන අධිකාරියේ ඉඩම ප‍්‍රදේශයේ මෙම නව ගොඩනැගිල්ල ඉදි කෙරේ. යෝජිත ගොඩනැගිල්ල මහල් හයකින් යුක්ත වන අතර ඉදි කිරීම් වියදම රුපියල් මිලියන 455කි. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වසරකින් නිම කිරීමට සැලසුම් කර ඇත. අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක කරන ප‍්‍රධාන ව්‍යාපෘති 17 ක , මෙහෙයුම් හා නඩත්තු කටයුතු නව ගොඩනැගිල්ල කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඞී.සී.දිසානායක මහතා , මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ඇතූළු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya