අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සසුනට සවියෙන් රම්බඩගල්ල විහාරයට ලක්ෂ 5ක්

    ජූනි 13, 2014

    පොසොන් පොහොය නිමිත්තෙන් 'සසුනට සවිය' වැඩසටහන යටතේ කුරුණෑගල රම්බඩගල්ල විහාරයේ ඉදිවෙන දකුණු ආසියාවේ විශාලතම ශෛලමය බුදු පිළිමයේ ඉදිරි වැඩකටයුතු සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් පරිත්‍යාග කෙරිණි.


    එම වැඩසටහනේ නිර්මාතෘ වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් ඊයේ (12 ) මේ මුදල් පරිත්‍යාග කරන ලදී. එදින ම මහ ඇමතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය විසින් පොල් පැළ 5000ක් රම්බඩගල්ල ගම්වාසීන්වෙත බෙදා දෙන ලදී. 


    මීට අමතරව ඊයේ රාත්‍රි පඬුවස්නුවර පුරාණ රජමහා  විහාරයේදී පැවැත් වූ පොසොන් තොරණ විවෘත කිරීමත් ප්‍රධාන අමාත්‍යවරයා අතින් සිදු විය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya