අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් පිරිනැමීම අද

    ජූනි 15, 2014
    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III වන පන්තියට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට නියමිතය.
     

    ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III වන පංතියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයෙන් සුදුසුකම්ලත් 135 දෙනෙකු, සීමිත තරග විභාගයෙන් සුදුසුකම් සම්පූර්ණ කළ 130 දෙනෙකු සහ ජ්‍යේෂ්ඨතා හා කුසලතා මත 159 දෙනෙකු සඳහා වශයෙන් 424 දෙනෙකු මෙහිදී පත්වීම් ලැබීමට නියමිතය. 


    ජාතික හා පළාත් මට්ටමේ පුරප්පාඩු සඳහා මෙම බඳවා ගැනීම් සිදු කෙරේ.  
     
    NDH
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya