අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ අඩු ආදායම්ලාභී පවුල් 78ක් සඳහා “ජන සෙවණ” නිවාස ආධාර

    ජූනි 13, 2014
    අලුතින් නිවසක් ඉදිකර ගැනීමට හෝ නිවසක් අලුත්වැඩියා කර ගැනීමට කිසිදු ආකාරයකින් හැකියාවක් නොමැති කොළඹ දිස්ත්‍රික්කයේ තවත් අඩු ආදායම්ලාභී අසරණ පවුල් 78ක් වෙත රුපියල්  පනස්අටලක්ෂ හැත්තෑපන්දහසක නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යංශයේදී සිදුකෙරිණි.
     
    “ මහින්ද චින්තන ඉදිරි දැක්ම ” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ජන සෙවණ නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවාස ආධාර පිරිනැමීය. 
     
    ගොතටුව, කොරතොට, කඩුවෙල, මොරටුව, හෝමාගම, අවිස්සාවේල්ල, පුවක්පිටිය, කොස්ගම, හංවැල්ල, මාළඹේ, රණාල, පාදුක්ක, රාජගිරිය, පොල්ගස්ඕවිට, මොරටුව යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී අසරණ පවුල් 78ක් සඳහා නිවාස මූල්‍යාධාර ප්‍රදානය කෙරිණ. මේ සඳහා මූල්‍යාධාර ලබාදෙන ලද්දේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ “සෙවණ” අරමුදල මඟිනි.
     
    ජීවත්වීමට සුදුසු නිවාස නොමැති මෙම පවුල් වෙත නිවාස ඉදිකරගැනීමට සහ අලුත්වැඩියා කරගැනීම සඳහා උපකාරී වීම සම්බන්ධයෙන් මෙහිදී මෙම පවුල්වල සාමාජිකයෝ අතිගරු ජනාධිපතිතුමාටත් විමල් වීරවංශ අමාත්‍යතුමාටත් සිය ස්තූතිය පළ කර සිටියහ.
     
    මෙම අවස්ථාවට කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ලියනගේ, මොරටුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී  සුරේෂ් ඉන්දික යන මහත්වරු, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහ ප්‍රතිලාභීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    MP WW HOUSEING AIDS 1
     
     
    MP WW HOUSEING AIDS 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya