අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහර පොසොන් කලාපය ඇමති බැසිල් අතින් විවෘත කෙරේ

    ජූනි 13, 2014
    මහර, වෑබඩ පුරාණ ගල්ලෙන් විහාරස්ථානය මඟින් දෙවන වරටත් සංවිධානය කරන ලද ශ්‍රී සුගත සදහම් පොසොන් කලාපය, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් ඊයේ (12) පස්වරුවේ විවෘත විය. 
     
    මහර, වෑබඩ පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ විහාරාධිපති වෑබඩ පියරතන හිමිගේ සංකල්පනාවක් මත නිර්මාණය කළ මෙම පොසොන් කලාපය විවිධ ප්‍රදර්ශන අංගවලින් සමන්විත විය. ඒ අතරින් සර්වඥ ධාතු ප්‍රදර්ශනය, මහ රහතන් වහන්සේ ධාතු ප්‍රදර්ශනය ප්‍රධාන වේ. එසේම මහා කන්ථ ජාතකය හා මහා සූකර ජාතකය ද විදහා දැක්වෙන දර්ශණිය තොරණ දෙකක් මෙම පොසොන් කලාපයේ ඉදිකර ඇත. 
     
    මීට සමගාමීව පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනය, අසූ මහා ශ්‍රාවක වන්දනාව මෙම වෙසක් කලාපය තුළට එක්කර ඇත. මීට අමතරව දිනපතා බත් දන්සල්, භක්ති ගීත, බොදු බැති ගී වැඩසටහන් ද පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සංවිධානය කර ඇත.
     
    මෙම පොසොන් කලාපය 15 දින දක්වා සවස 06.00 සිට මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ. 
     
    මෙම පොසොන් කලාපය මහර, වෑබඩ පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ විහාරාධිපති වෑබඩ වියරතන හිමිගේ ප්‍රධානත්වයෙන්, දායක සභාව, ශ්‍රී ධම්මානන්ද දහම් පාසල හා ප්‍රිය සරණ සමාජ සත්කාරක පදනම එක්ව සංවිධානය කර ඇත. 
     
    මෙම විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ. 
     
    DB
     
    MP BR MAHARA POSON 1
     
     
    MP BR MAHARA POSON 2
     
    MP BR MAHARA POSON 3
     
    MP BR MAHARA POSON 4
     
    MP BR MAHARA POSON 5
     
    MP BR MAHARA POSON 7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya