අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතරට නව ග‍්‍රාම නිලධාරී පත්වීම්169ක්

    ජූනි 13, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාසවල පවතින ග‍්‍රාම නිලධාරි පුරප්පාඩු පිරවීම සඳහා අලුතින් ග‍්‍රාම නිලධාරීන් 169ක් සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම පසුගියදා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී සිදුකෙරිණි. 
     
    මාතර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාස ගණන 650කි. පසුගිය කාලයේ මාස තුනක සේවාස්ථ පුහුණුව සඳහා තෝරාගෙන පුහුණුව අවසන් කළ ග‍්‍රාම නිලධාරීන් සඳහා මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදු කරන ලදි.
     
    මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක හා තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය අමාත්‍යවරුන් සහ මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය හා සහකාර දිස්ත‍්‍රික් ලේකම් සුභාෂ් නානායක්කාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya