අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සමයේ මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සාර්ථක වේ

    ජූනි 13, 2014
    පොසොන් සමයේ දී මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමේ සිද්ධි කිසිවක් මේ වන විට වාර්තා වී නැති බවත් මේ සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රජාව මෙන්ම සාමාන්‍ය ජනතාව ද නිරන්තරයෙන්ම දැනුවත් කරන බවත් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ඩී.බී. ගුණසේන මහතා පැවසීය.


    පූජා භූමිය තුළ බීමතින් සිටි කිහිපදෙනෙකු හමු වූ නමුත් ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා මෙහිදී ප්‍රකාශ කළේය. 

     

    පසුගිය වසරට සාපේක්ෂව මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය පොසොන් සමයේ දී ඉතා අවම මට්ටමක පවතී. මෙවර පොසොන් සමයේ දී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සිදු කරන්නේ පොලිසිය, මත්ද්‍රව්‍ය නිවරණ මෙහෙයුම් ඒකකය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව බව අනුරාධපුර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි. 

     

    NDH/SB_dmu_anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya