අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙරපාසල් පාලිකාවන්ට වැඩමුළුවක්

    ජූනි 13, 2014

    කොළඹ දිස්ත්‍රික්කයේ පෙරපාසල් පාලිකාවන්ගේ දැනුම් යාවත්කාලීන කිරීම සඳහාත් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහාත් පැවැත්වෙන සාකච්ඡාවක් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වැනි දා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ.


    මේ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පෙරපාසල් පාලිකාවන් සහ ගුරුවරියන් සහභාගි විය යුතු බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය දන්වා සිටී. 

     

    කැඳවීම් ලිපි නොලැබුණ ද මේ වැඩමුළුව සඳහා  සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය පෙරපාසල් පාලිකාවන්ට දන්වන අතර වැඩි විස්තර දැන ගැනීම සඳහා 077-7931999 හෝ 011-2825213 දූරකතන අංක අමතා දැනගත හැකි බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya