අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සතිය තුළ අනුරාධපුර ආරක්ෂක වැඩපිළිවෙළ සාර්ථකයි

    ජූනි 13, 2014
    පොසොන් සතියේ පස්වන දිනය වන අද (13) වන විටත් අනුරාධපුර පූජා භූමි අවට ප්‍රදේශයන්හි කිසිදු ආකාරයක වි‍නය විරෝධී ක්‍රියාවක් වාර්තා වී නොමැති බව අනුරාධපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා පවසයි. 
     

    මෙවර පොසොන් උත්සවය නිමිතිකර ගනිමින් පොලිස් නිලධාරීන් 5000ක පිරිසක් ආරක්ෂාව සඳහා අනුරාධපුර, මිහින්තලේ හා තන්තිරිමලය යන ප්‍රදේශ ආවරණය වන පරිදි  යොදවා තිබේ.  

     

    එමෙන්ම මෙවර ක්‍රියාත්මක කළ රථ වාහන සැලැස්ම ඉතා සාර්ථක බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය. කිසිදු මාර්ගයක් වසා නොමැති අතර සෑම මාර්ගයකම දෙපසටම ගමන් කිරීමේ අවස්ථාව සලසා ඇති බවත් මේ වන විට බැතිමතුන්ගේ පැමිණීම වැඩිවෙමින් පවතින නමුත් සැලකිය යුතු ආකාරයේ වාහන තදබදයක් කිසිදු ස්ථානයක දක්නට නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/SB_dmu_anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya