අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතට නව නැණසල මධ්‍යස්ථාන 11ක්

    ජූනි 13, 2014

    වයඹ පළාතේ පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල නව නැණසල මධ්‍යස්ථාන 11ක් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පැවසීය.


    ග්‍රාමීය ජනතාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැනීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක නැණසල දහස වැඩසටහන යටතේ එම නැණසල මධ්‍යස්ථාන විවෘත කරන බව ද එම ආයතනය සඳහන් කළේය.

    අන්තර්ජාල පහසුකම් සහිත නවීන තොරතුරු තාක්ෂණ අංගෝපාංගයන්ගෙන් මේ නැණසල මධ්‍යස්ථාන සමන්විත වේ. නැණසල මධ්‍යස්ථාන 11ක් එකම දිනක දී විවෘත කිරීම විශේෂත්වයක් බවත් මේ වසර අවසාන වන විට නැණසල දහසේ ඉලක්කය සපුරා ගැනීමට හැකිවෙතැයි ICTA ආයතනය විශ්වාසය පළ කරයි.

    මේ වන විට වයඹ පළාතේ නැණසල මධ්‍යස්ථාන 82ක් ස්ථාපිත කර ඇති බවත් රට පුරා ස්ථාපිත කර ඇති නැණසල මධ්‍යස්ථාන ගණණ 790ක් බවත් එම ආයතනය වැඩිදුරටත් පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya