අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹට ඩෙංගු මර්ධන දිනයක්

    ජූනි 13, 2014
    ජූනි මාසයේ 17 දා වයඹ පළාතේ ඩෙංගු මර්ධන දිනය බවට පත් කර  වයඹ පළාතේ සියලුම නිලධාරීන් ඒ ඒ ප්‍රදේශවල අපද්‍රව්‍ය බැහැරකිරීමේ කටයුත්තට සහභාගී වන්න යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
     
    ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින ප්‍රධාන අමාත්‍යංශ කාර්යාලයේ දී පැවති වයඹ පළාතේ ඩෙංගු මර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවේදීය.
     
    සියලුම රාජ්‍ය නිලධාරීන් මෙම වැඩපිළිවෙළට සම්බන්ධව කටයුතු කරන ලෙසත් වයඹ පළාතේ ඩෙංගු රෝගීන් 25% , 35% කින් වැඩිවී ඇති බවත් එහිදී ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
     
    "ඒ නිසා මේ ගැටලුව සම්බන්ධව ඉක්මනින් පියවර ගත යුතුයි. හමුදාව, පොලිසිය ඩෙංගු මර්ධන ව්‍යාපාරය සමඟ සම්බන්ධ කරවන්න. ඒ වගේම සියලුම පාසල්වල ළමුන්ට එදාට එළියට බහින්න කියන්න. තමන්ගේ පාසල වටේ තියන අපද්‍රව්‍ය බැහැරකිරීමේ කටයුත්තට යොදවන්න. ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් තමන්ගේ ප්‍රදේශවල ග්‍රාම සේවා කොට්ඨාශවල අපද්‍රව්‍ය ඉවත්කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න". 
     
    "මේ සියලු දෙනාම ජූනි 17 වෙනිදට එකතුවෙලා පළාතේ සෑම ප්‍රදේශයකම මදුරු උවදුර  නැති  කිරීමට අවධානය යොමු කරන්න. ජූනි 17 වෙනිදා වයඹ පළාතේ ඩෙංගු මර්ධන දිනය බවට පත් කරන්න. ඒ ඒ ප්‍රදේශවල අපද්‍රව්‍ය බැහැරකිරීමේ කටයුත්තට හැමෝම සහභාගී වෙන්න.  අපිට ඉදිරියට වයඹ පළාත් ඩෙංගු නිසා මරණ ඇති නොවන පළාතක් බවට පත් කරන්න පුළුවන්".
     
    ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කොට ඩෙංගු මර්ධන වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
     
    මෙම  අවස්ථාවට වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඩී .බි . හේරත්, වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, අමාත්‍යංශ ලේකම්වරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරීන් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya