අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දී කපිලවස්තු පුර ශ‍්‍රී සර්වඥ ධාතු ප‍්‍රදර්ශන පූජෝත්සවයක්

    ජූනි 13, 2014
    ඉන්දියාවේ කපිලවස්තු පුරයේ කළ පුරාවිද්‍යා කැනීමකින් හමු වූ, වර්ෂ 1898 දී වස්කඩුවේ රාජගුරු ශ‍්‍රී සුභූති නාහිමිපාණන් වහන්සේට ලැබුණු කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දකුණු පළාතේ මහජන පූජෝපහාර හා වන්දනාමාන සඳහා අද (13) පෙරවරු 7.00 සිට අනිද්දා (14) රාත‍්‍රී 9. 00 දක්වා මාතර - කඹුරුගමුව ගලගොඩ පුරාණ ඇත්කඳ විහාරයේ දී පැවැත්වේ.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා නටඹුන් සහිත ඓතිහාසික ලෙන් විහාරයක් වූ මෙම පුරාණ ඇත්කඳ ලෙන් විහාරයේ ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටි බව සද්ධර්මාලංකාරයේ සුළුගල කථාවස්තුවේ සඳහන්ව ඇත. 
     
    මෙම විහාරස්ථානය පළමු වන හා දෙවන සියවස්වලට අයත් ලෙන් විහාරයක් බවට දැනට කර ඇති පුරාවිද්‍යා කැනීම් මඟින් තහවුරු වී තිබේ. විහාරස්ථ කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතු පූජෝත්සව කමිටුව මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කරයි.
     
    DB/TI/Dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya