අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරයට අංග සම්පුර්ණ පිළිකා රෝහලක්

    ජූනි 12, 2014
    අනුරාධපුර රෝහල් භුමියේ අංග සම්පුර්ණ පිළිකා ‍රෝහලක් ඉදිකිරීම සඳහා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතා රුපියල් ලක්ෂ 150ක් ලබාදීමට තීරණය කොට ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    අනුරාධපුර රෝහලේ අංක 08 හා 38 වාට්ටු පිළිකා රෝගීන්ගෙන් පීරී ඇති බවත්, ‍නේවාසික රෝගීන් එක ඇඳේ දෙදෙනා බැගින් සිටින බවත් බාහිර රෝගින්ට ප්‍රතිකාර ලබාදීමේ දි දැඩි අපහසුතා ඇති වී තිබෙන බවත් පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණ කර තිබුණි.
     
    මේ වසරේ දී පසුගිය වසරවලට වඩා පිළිකා රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන නිසා එම රෝගීන්ට පහසුවෙන් හා කඩිනමින් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පසුබිමක් සැකසිය යුතුව තිබෙන බැවින් මෙම පිළිකා රෝහල ඉදිකිරීමට තීරණය කළ බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය. 
     
    මේ සඳහා පරිත්‍යාගශීලින්ගේ සහය පතන බවත් පිළිකා‍ රෝහලේ පළමු අදියර ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 150ක් වෙන්කරන බවත් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. 
     
    DB/ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya