අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුවට නව ග‍්‍රාම නිලධාරී පත්වීම් 60ක්

    ජූනි 11, 2014

    මඩකළපුව දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාම නිලධාරීන් 60 දෙනෙකු සඳහා නව පත් වීම් ලිපි ප‍්‍රදානය ඊයේ (10) දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු විය.


    අතිරේක දිස්ත‍්‍රික් ලේකම් එස්. ගිරිදරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මඩකළපුව දිස්ති‍්‍රක් ලේකම් පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගී වූවාය.


    රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් පැවැත්වූ විභාගයකින් මෙම පිරිස තෝරා ගත් අතර ඔවුන්ට පසුගිය මාස 03ක කාලයක් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශේෂ පුහුණුව ලබා දෙන ලදී.


    විශේෂ පුහුණුවෙන් අනතුරුව පැවති විභාගයෙන් සමත් පිරිසට මඩකළපුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය සභා කොට්ඨාස 14ක සේවය කිරීම සඳහා මේ තාවකාලික පත්වීම් ලිපි ප‍්‍රදානය සිදු කෙරිණ.


    ප‍්‍රාදේශීය ලේකම්වරුන් වන එස්. තවරාජා, කේ. ධනපාල, සුන්දරම් එන්. විල්වරත්නම්, එස්.එම්. හන්තා යන අයද දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී නේසරාසා, සහකාර ප‍්‍රාදේශීය ලේකම් එස්. රංගනාදන්, පරිපාලන නිලධාරී ආර්. දිගම්බරම් සහ සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.


    HC/WG_ku

    batti new GN apointment 1

    batti new GN apointment

    batti new GN apointment 3

    batti new GN apointment 2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya