අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගික කටයුතු පිළිබඳව මාතර ව්‍යාපාරික ප‍්‍රජාව දැනුවත් කෙරේ

    ජූනි 11, 2014
    සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතට අදාළ නීතිමය කරුණු පිළිබඳව මාතර දිස්ත‍්‍රික් ව්‍යාපාරික ප‍්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරේ.
     
    එහි දෙවන දැනුවත් කිරීමේ වැඩසටහන සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා වැලිගම නගර සභා ශාගාවේදී පැවැත්විණි.
     
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතට අනුව පාරිභෝගික ජනතාව සතු අයිතිවාසිකම්, එම අයිතිවාසිකම් සුරැකීම සඳහා ව්‍යාපාරික ප‍්‍රජාව සතු වගකීම, නීතිමය වශයෙන් සුරක්ෂිත කර ඇති පාරිභෝගික අයිතිවාසිකම් කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සහ ඒ ඒ වරදට අදාළ දඬුවම් ආදිය පිළිබඳව මෙහිදී දැනුවත් කිරීම සිදුකරන ලදි. 
     
    මෙහි සමාරම්භක අවස්ථාවට දිස්ත‍්‍රික් ලේකම්වරිය හා වැලිගම නගරාධිපතිවරයා සහභාගි වූ අතර වැඩසටහන සඳහා 600කට ආසන්න ව්‍යාපාරිකයින් පිරිසක් සහභාගි වූහ. 
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ද මගපෙන්වීම හා උපදෙස් යටතේ විශේෂ වැටලීම් ප‍්‍රධානී ආර්.පී. ලක්ෂ්මන් මහතා ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය මෙම දෙවන දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදි.
     
    DB/TI Dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya