මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වර්ණමාලි මහා බත් දන්සලෙන් පොසොන් සතියේ ලක්ෂයකට දානය

    ජූනි 11, 2014
    යුද්ධය නිමවා රටට සාමය උදාකළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ආශිර්වාද ප‍්‍රාර්ථනා කරමින් මෙයට තුන් වසරකට පෙර අරඹන ලද අනුරාධපුර ස්වර්ණමාලි මහා බත් දන්සලෙන් මෙම පොසොන් සතියේ වන්දනාකරුවන් ලක්‍ෂයකට දන් ලබාදීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයි එස්.එම්. චන්ද්‍රසේන පදනමේ සභාපති විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ සම සභාපති උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරු පැවසූහ.

    2011 නොවැම්බර් 19 වැනි දින ජනපති ජන්ම දිනය හා ජනපති පදවියේ දෙවන පදවි ප‍්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආශිර්වාද පැතීම උදෙසා රුවන්වැලි චෛත්‍ය අභියසදී මේ බත් දන්සල ඇරඹිණි.

     

    රජයේ මුදල් ශතයක්වත් වැය නොකොට දානපතියන්, පරිත්‍යාගශීලීන් හා සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් මේ වන විට බැතිමතුන් විසිපන් ලක්‍ෂයකට පමණ දිවා ආහාරය ලබා දී තිබේ. 

     

    ජනාධිපතිතුමා මැති ඇමතිවරුන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් වරින් වර පැමිණ මෙම දන්සලේදී  වන්දනාකරුවන්ට දන් බෙදීම සිදු කරමින් සිටින අතර එස්.එම්. චන්ද්‍රසේන පදනම විසින් මෙම දන්සල අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටී.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya