මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සතියේ තුන්වන දිනය අදයි

    ජූනි 11, 2014

    පසුගිය 09 වැනිදායින් ආරම්භ වූ පොසොන් සතියේ තුන්වන දිනය අදයි.

     

    එහි මෙවර තේමාව වන්නේ “කළගුණ සලකමු- මිහිදු හිමි සමරමු“  යන්නය.


    2014 පොසොන් සතිය ලබන 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. පොසොන් උත්සවයට මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද සම්ප්‍රාප්ත වේ.


    මිහින්තලේ, අනුරාධපුර හා තන්තිරිමලය කේන්ද්‍ර කරගෙන පවත්වන පොසොන් උත්සවය සඳහා පැමිණෙතැයි බලාපොරොත්තුවන බැතිමතුන් සංඛ්‍යා ලක්ෂ 20කි. ඉසුරුමුනි විහාරයෙන් පටන්ගෙන ජය ශ්‍රී මහා බෝධිය දක්වා ගමන් කළ පැන් පෙරහැරත් සමඟ මෙවර පොසොන් උත්සවය ආරම්භ විය. 09 වැනිදා සවස 4.00ට, එය ආරම්භ කළේ පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතාගේ මුලිකත්වයෙනි. 

     

    අනුරාධපුරයේ පැවැත්වෙන පොසොන් සති පිරිත ඊයේ 10 ආරම්භ වූ අතර, එය ලබන 14 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශීල සමාදාන වැඩසටහන් ඇතුළු ආගමික වතාවත් රැසක් පොසොන් සතිය පුරා අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතය.


    අනුරාධපුර පූජා නගරය කේන්ද්‍රව සිල් සමාදන් වන පිරිස ලක්ෂයකට ආසන්නය. සිල් පිරිසට දානය පිරිනැමීම සඳහා රාජ්‍ය ආයතන මෙන්ම තවත් විවිධ ආයතනවල සහය ලබා දේ. පණ්ඩිත් අමරදේව, නන්දා මාලනී, ටී.එම්. ජයරත්න, වික්ටර් රත්නායක ආදි ප්‍රවීණ ගායන ශිල්පීන් සිදුකරන විශේෂ භක්ති ගීත වැඩසටහන්වලින් ද  සමන්විත වීම මෙවර අනුරාපුර පොසොන් උළෙල තව තවත් ආකර්ශනීය කිරීමට සමත් ය. මෙම වැඩසටහන රුවන්වැලි සෑය අබියස දී  පැවැත්වේ.


    ECB/SB_dmu_anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya