මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝස තිරිවානා නිධිය විකිණීමේ කිසිම සූදානමක් නෑ

    ජූනි 11, 2014
    නාමල් උයන රෝස තිරිවානා නිධිය විකිණීමේ කිසිම සූදානමක් නැතැයි ද එවැනි දෙයක් කතා කිරීම පවා ඵලක් නැති දෙයක් බව ද උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    ඊයේ (10) පැවැති උතුරු මැද පළාත් සභා රැස්වීමේ දී පළාත් සභා මන්ත‍්‍රී අනිල් රත්නායක මහතා (එ.ජා.ප.)  යොමු කළ නාමල් උයන රෝස තිරිවානා නිධිය විකිණීමට සූදානමක් තිබේ ද? යන ප‍්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     

    මෙහිදී කරුණු පැහැදිලි කළ ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා “මම මෙවැනි දෙයක් ගැන කිසිම දෙයක් දන්නේ නෑ. අනෙක එහෙම දෙයක් වෙන්නේ නෑ. එහෙම වෙනවා නම් මුලින්ම විරුද්ධ වෙන්නේ මමයි. මේ ගැන සාකච්ඡාවක් හෝ සමාජයේ කතා වීමක් හෝ කිසිම දෙයක් දන්නේ නෑ. එහෙම නැති දෙයක් ගැන කතා කිරීමත් ඵලක් නැතැ“යි ද ප‍්‍රධාන ඇමැතිවරයා සඳහන් කළේය.

    වනවාසී රාහුල හිමියන් විසින් මෙවැනි තත්ත්වයක් ඇතැයි ජනාධිපතිතුමාට දැන් වූ බවට පුවත් පතක සඳහන් වන බව අනිල් රත්නායක මහතා මෙහිදී  පැවසීය. ඒ නිසා පළාතේ ප‍්‍රධාන ඇමැතිවරයා වශයෙන් ඔබව දැනුවත් කළ කිරීම කළ යුතු බව ද එවැනි තත්ත්වයක් ඇත්නම් එය වැළැක්වීම සැමගේ යුතුකමක් බව ද පළාත් සභා මන්ත‍්‍රීවරයා කීය.

     

    HC/NDH
     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya