මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ නවක ග්‍රාම නිලධාරීන් 166ක් වසම්වලට

    ජූනි 11, 2014
    පසුගිය කාලයේ රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගත් ග්‍රාම නිලධාරින් 166 දෙනෙකු මාස තුනක සේවාස්ථ පුහුණුව අවසන් කර මාතලේ දිස්ත්‍රික්කයේ පුරප්පාඩුව පැවති ග්‍රාම නිලධාරි වසම් 166ක් සඳහා අනුයුක්ත කිරීමේ උත්සවය ඊයේ (10) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


    මේ අවස්ථාවේදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ටී.ඩී. ජයතිස්ස, උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ධර්මසේන යන මහත්වරුන් විශේෂ දේශන පැවැත්වූහ.


     මෙම උත්සවය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුහුණු අංශය මඟින් සංවිධානය කොට තිබූ අතර මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල, අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, සහකාර දිස්ත්‍රික් ලේකම් චමිල් සකලසූරිය යන මහත්ම මහත්මීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීහු සහභාගී වූහ. 
     
    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya