මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ මිරිදිය මත්ස්‍ය වගාවටයි

    ජූනි 11, 2014
    ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් ධීවර යාත‍්‍රාවන්ගේ පිරිවැය වැඩිවීම නිසා කරදිය මත්ස්‍ය වගාවේ මිල ක‍්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවත් එවැනි තත්ත්වයක් තුළ මිරිදිය මත්ස්‍ය වගාවට අද ලෝක ජනතාවගේ වැඩිම ඉල්ලුමක් පවතින බැවින් මෙරට මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේදී ජලජීවී වගාකරුවන් පිරිසක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදීය. 

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "අම්පාර දිස්ත‍්‍රික්කයේ ජලජීවී වගා සංවර්ධනයට එම පළාත්වල ධීවර ජනතාව ඉතාම උනන්දුවෙන් කටයුතු කරනවා. එය ඉතා මැනවින් කළමනාකරණය කරන බව පෙනී යයි. ධීවර සමිති ක‍්‍රියාත්මක කිරීමේදී පරිගණක භාවිත කරමින් ඉතා නිවැරදිව පොත්පත් පවත්වාගෙන යයි. ධීවර කාර්මිකයන් වෙනුවෙන් නොයෙකුත් සුබසාධන ව්‍යපෘති ක‍්‍රියාත්මක කරමින්, ඔවුන්ගේ ස්ථිර තැන්පතු විධිමත්ව පවත්වාගෙන යමින් තම තමන්ගේ මුදල්වලින්ම ප‍්‍රජා ශාලාවල් පවා ගොඩනගමින් ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවත් පෙනෙනවා. ඒ වගේම ධීවර සංවිධාන ක‍්‍රියාත්මක කිරීමෙන් අපගේ ගොවි ජනතාව ඉතා සාර්ථක මිරිදිය ධීවර වගාවක් සිදුකරමින් හොඳ ආදායම් තත්ත්වයක් ලබන බවත් පෙනෙනවා. මේකට අම්පාර දිස්ත‍්‍රික්කයේ ඉතා හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. එයට හේතුව ඒ  දිස්ත‍්‍රික්කයේ අදාළ ජලජීවී වගා නිලධාරීන්ගේ ඉතා හොඳ කැපවීමක් සහිත ජලජීවී වැඩපිළිවෙළ නිසයි. 

     

    ලෝකයේ අද වැඩිම ඉල්ලුමක් ඇත්තේ මිරිදිය මත්ස්‍ය වගාවටයි. මුහුදු මත්ස්‍ය වගාව අද එන්න එන්නම අධික මිල සහිතවීමට හේතුව ලෝකයේ ඉන්ධන මිල වැඩිවීමයි. ලෝකයේ 90%ක් මේ මිරිදිය ධීවර වගාව සිදු කරනු ලබන්නේ ආසියාවේයි. ඒ නිසා අපට විශාල ඉදිරි දැක්මක් තිබෙනවා. මේ ජලජීවී වගාව දියුණු කිරීමෙන් ලංකාවේ පරිභෝජනයට පමණක් නෙමෙයි මත්ස්‍ය අපනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩි කොට දියුණු කිරීමට ක‍්‍රියාකිරීමට බලාපොරොත්තු වෙනවා. යමක් පිළිබඳ ගැටලු ඇත්නම් අදාළ ධීවර සංවිධාන හරහා ධීවර  අමාත්‍යාංශයට දන්වන්න. අප ජාතික ධීවර මහා සම්මේලනයේ ධීවර සංවිධාන නියෝජිතයන් සමඟ සෑම මාස 02කට වරක් අමාත්‍යාංශයේදී හමුවී ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික ප‍්‍රශ්න සාකච්ඡා කොට අවශ්‍ය විසඳුම් ලබා දෙනවා" යැයි ද පැවසීය.

     

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya