මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නුවරඑළියේදී

    ජූනි 11, 2014
    රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (10) නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් මූලික කර ගෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 


    රාජ්‍ය භාෂා කොමිසම් සභාව මේ වැඩසටහන සංවිධානය කළ අතර රාජ්‍ය භාෂා කොමිසම් සභාවේ සභාපති නීතිඥ නිමල් ආර්. රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

     

    ද්විභාෂා දිස්‍ත්‍රික්කයක් ලෙසින් නුවරඑළිය දිස්ත්‍රික්කය සෙසු දිස්ත්‍රික්කයන් අභිබවා කැපී පෙනෙන අතර එම ද්විභාෂා ප්‍රතිපත්තිය යටතේ සිදු කරනු ලබන මහජන සේවාවන් ඉහළ ඵලදායිත්වයකින් යුක්ත බව මෙහිදී අදහස් දැක් වූ අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මිය පැවසුවාය. 

     

    මේ වන විට දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශයේ සෑම ආයතනයක්ම මෙම ද්විභාෂා ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරයි. රාජ්‍ය අංශයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ දෙමළ භාෂා අවබෝධය වර්ධනය කිරීම සඳහා දෙමළ භාෂා පුහුණු පාඨමාලා  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ක්‍රියාත්මක කර ඇත.

     

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන ව්‍යවස්ථාවට අනුව සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවයි. ඉංග්‍රීසි සන්ධාන භාෂාවයි. එසේම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය භාෂා කොමිසම් සභාවේ සාමාජික මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලෙයි, රාජ්‍ය භාෂා කොමසාරිස්‍ ජේ.ඩී.සී. ජයසිංහ යන මහත්වරුන් ඇතුළුව පිරිසක් ද දිස්‍ත්‍රික්කයේ රාජ්‍ය අංශය නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද මේ සඳහා සහභාගී වී සිටියහ.

     

    NDH/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya