මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශයෙන් බත් දන්සල් 05ක්

    ජූනි 11, 2014

    පොසොන් පෝය නිමිත්තෙන් හෙට (12) දිනය පුරා මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලේ පූජනීය ස්ථාන වන්දනා කිරීමට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බත් දන්සල් 05ක් පැවැත්වේ.


    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ යෝජනාවක් අනුව අනුරාධපුර නගරයේ පිහිටි පළාත් සභා භූමිය, බණ්ඩාරනායක මාවතේ ප‍්‍රධාන අමාත්‍ය නිල නිවාසය, මිහින්තලේ මැද මළුව සහ  ස්වර්ණමාලි චෛත්‍ය අභියසදී මෙම දන්සල් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. 

    උතුරු මැද  පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් සභාවේ ආයතන රැසක් මේ සඳහා අනුග‍්‍රාහකත්වය දක්වයි.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya