ඔක්තෝබර් 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ආපදා සහන සේවා කටයුතු සඳහා ලක්ෂ 55 ක්

    ජූනි 11, 2014
    පසුගියදා ඇති වූ අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැසක ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 55ක් වැය කර තිබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    දිස්ත‍්‍රික්කයේ පවුල් 5,393ක පුද්ගලයින් 24,125ක් අවතැන් වූ අතර ඔවුන් වෙනුවෙන් වියළි සලාක ලබාදීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් වැයකර ඇත.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16න් 14කම ජනතාව මෙම ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් වූහ. මෙයින් වැඩිම බලපෑමක් සිදු වූයේ අකුරැස්ස ප‍්‍රදේශයටය.
     
    පූර්ණ නිවාස හානි 68ක්, අර්ධ නිවාස හානි 149ක් සහ සුළු නිවාස හානි 14ක් සිදු වී තිබෙන අතර වෙනත් දේපළ හානිවීම් කිහිපයක් ද වාර්තා වේ.
     
    ආපදාවට පත් ජනතාවට හා ඔවුන්ගේ දේපළවලට පූර්ණ සහන සැලසීම සඳහා තවත් රුපියල් ලක්ෂ 30ක් අවශ්‍ය බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය පවසයි.
     
    DB/TI Dmu matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya