මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවරින් ඩෙංගු උණ රෝගීන් 60ක් හඳුනාගැනේ

    ජූනි 11, 2014
    පසුගිය මාසයේ මහනුවර දිස්ත්‍රික්කයෙන් සැක සහිත උණ රෝගීන් 111ක් වාර්තා වූ බවත් ඉන් 60 දෙනෙකු ස්ථිර වශයෙන් ම ඩෙංගු රෝගීන් බවට හඳුනා ගෙන ඇති අතර ඩෙංගු රෝගය හේතුවෙන් පසුගිය මාසයේ එක් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බවත් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිලානි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 


    පසුගිය මැයි මාසයේදී  නිවාස හා ආයතන 14,232ක් පරීක්ෂාවට ලක්කොට නිවේදන 243ක් නිකුත් කොට ඇති අතර පුද්ගලයන් 44කට එරෙහිව නඩු පවරා තිබෙන බවත් අධ්‍යක්ෂවරිය පැවසීය.  

     

    පසුගිය වර්ෂ කිහිපයක දත්ත සැලකිල්ලට ගැනීමේදී මැයි මාස‍යේ සිට අගෝස්තු දක්වා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වන බවත් එම තත්ත්වය මෙම වසරේදී අවම කරගැනීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවත් ‍ඇය පෙන්වා දුන්නේය. 

    මහනුවර දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව  පසුගිය සඳුදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදී මේ තොරතුරු ඇය විසින් අනාවරණය කෙරිණි. 

     

    පසුගිය වර්ෂවල මහනුවර නගර සභා සීමාව තුළ ඩෙංගු ගහණය ඉතා ඉහළ මට්ටමක තිබුණි. මහනුවර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ කැපවීම හේතුවෙන් මේ වන විට එය පහළ මට්ටමක පවත්වා ගැනීමට හැකිවීම සතුටට කරුණක් බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය හා මහනුවර දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුවේ සභාපති සරත් ඒකනායක මහතා පැවසීය. මහනුවර මහ නගර සභාව ඩෙංගු ශ්‍රමදාන වැඩසටහන් සතිපතා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මෙම තත්ත්වයට හේතු වි තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 


    වාහනවලින් පැමිණ තැන් තැන්වල කුණු දමන පුද්ගලයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද  අමාත්‍යවරයා මෙහිදී පොලිසියට උපදෙස් දුන්නේය. එමෙන්ම පාසල් මට්ටමින් පැවැත්වෙන ඩෙංගු ශ්‍රමදාන සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් සෑම මාසයකම දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුවට ඉදිරිපත් කරන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන්ට ද අමාත්‍යවරයා නියෝග කළේය. 
     

    මේ අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු  විශාල පිරිසක් සහභාගී වූහ.

     

    NDH/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya