මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අනුරපුර පොසොන් උත්සවයට සාර්ථක ආරම්භයක්

    ජූනි 11, 2014


    මිහිඳු හිමියන්ගේ දර්ශනයට අනුව ප්‍රතිපත්තිමය වශයෙන් ජනතාවගේ ජීවිතය සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය  පරිසරයක් නිර්මාණය කිරීමක් ලෙස මෙවර පොසොන් උත්සවය සාර්ථකව ආරම්භ කිරීමට හැකියාව ලැබුණු බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි.


    මේ වන විට බැතිමතුන් ගේ පහසුව සඳහා අවශ්‍ය වන සියලු ම පොදු පහසුකම් රාජ්‍ය හා පෞද්ගලික අංශවල සක්‍රීය මැදිහත් වීමෙන් සපුරා තිබේ.

    පොසොන් සතිය තුළ දුම්රිය හා බස් රථ සේවා සඳහා අමතර ගමන් වාර ඇතුළත්කර ඇත. එමෙන්ම මාර්ග පද්ධතිය ඉතාම යෝග්‍ය මට්ටමක පවතී. 9 වනදා සිට 15 වනදා දක්වා වන පොසොන් සතිය තුළ සියලු ම සුරාසැල් හා මස්කඩ වසා තැබෙන අතර, නීතිවිරෝධීව කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් විශේෂ  ආරක්ෂක වැඩපිළිවෙළක් යො‍දා තිබේ.


    සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු අනුරාධපුර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයාගේ මුලිකත්වයෙන් නිරන්තරව සිදුකිරීම හා අධීක්ෂණය සිදුවේ. ජීවිතාරක්ෂක සේවා සැපයීම හා ආපදා අවම කිරීම වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කර ඇත. විශේෂ රථ වාහන සැලැස්මක් පවතින අතර, එය නගරයට ඇතුල් වන බැතිමතුන් රැගත් සියලු ම වාහන වෙත ලබාදීමට පොලිසිය මගින් කටයුතු කර තිබේ. මෙරට පැවැත්වෙන විශාලතම බෞද්ධ ආගමික උත්සවයක් වන පොසොන් උත්සවය පැවැත්වෙන මෙම කාලයේ අනුරාධපුරය, මිහින්තලය, තන්තිරිමලය ආදිය පූජා භුමි හා අවට පරිසරය පිරිසිදුව තබාගැනීමට අවශ්‍ය සහයෝගය සියලු ම බැතිමතුන්ගෙන් අපේක්ෂා කරන බව දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි.


     ECB/SB_dmu_anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya