හෙට (12) සිට දින 04ක් පැවැත්වෙන මේ පොසොන් කලාපය තුළ දර්ශනීය තොරණ, රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් බොදු බැති ගී ගායනා සහ වෙසක් කූඩු තරග පැවැත්වේ. දහම් පාසල් හා විවෘත අංශ වශයෙන් පැවැත්වෙන පහන් කූඩු තරග ජයග්‍රාහකයන් සඳහා මුදලින් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත. මෙය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් දන්සැල් ද මෙහි පැවැත්වේ.
පන්නල ප්‍රාදේශීය සභාව, පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම පන්නල ව්‍යාපාරික ප්‍රජාව ද මේ සඳහා බැතිබර දායකත්වය සපයයි.
NDH