මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර රැසක් අද සිසු අයිතියට

    ජූනි 11, 2014

    පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය, විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල හා ප්‍රධාන ශ්‍රවණාගාරය සිසු අයිතියට පත්කිරීමත් මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨයට මුල්ගල තැබීමත් අද (11) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරයි.


    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චන්ද්‍රසිරි සූරියාරච්චි හා සිරිපාල ගම්ලත් යන මහත්වරුන් ද සහභාගි වනු ඇත.


    මෙදින ම රත්නපුර කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීම හා මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨයට මුල්ගල තැබීම විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.


    කලවාන ජාතික පාසලේ තාක්ෂණ විද්‍යා පීඨයට මුල්ගල තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මන්ත්‍රී ජානක වක්කුඹුර මහතාගේ සහභාගිත්වයෙන් අද දින සිදු කිරීමට නියමිතය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya