මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ග්‍රාම නිලධාරීන් 163කට පත්වීම්

    ජූනි 11, 2014

    පුහුණුව ලද ග්‍රාම නිලධාරීන් පිරිසකට පත්වීම් ප්‍රදානය අනුරාධනුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (10) සිදු කෙරිණ.එහිදී නව පත්වීම් ලබාගත් ග්‍රාම නිලධාරීන් සංඛ්‍යාව 163 දෙනෙකි. මෙහිදී ග්‍රාම නිලධාරී තුන්වන ශ්‍රේණිය ලෙස පත්වීම් ලද පිරිස තාවකාලික රාජකාරී සඳහා අදාළ වසම්වලට අනුයුක්ත කිරීම සිදු කෙරිණ. ඔවුන්ගේ විධිමත් පත්වීම් ලිපි ලබාදීම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ඉදිරියේ දී සිදුකරනු ඇත.


    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ, අනුරාධපුර දිසාපති මහින්ද සෙනවිරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු සම්භාවනිය අමුත්තන් රැසක් සහභාගී වූහ.

    මෙම අවස්ථාවට එක් වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසුවේ, රාජ්‍ය නිලධාරීන් කළ යුත්තේ උඩඟු වී, ජනතාව පීඩනයට පත්කිරීම නො ව තමන් ලැබූ අධ්‍යාපනයෙන් තම රැකියාවට සාධාරණයක් කිරීම බවයි. ස්වකීය තනතුර ආරක්ෂා කරගැනීමට කළ යුතු හොඳම කාර්යය තම තනතුරෙහි ඇති වැඩකටයුතු නිසියාකාරයෙන් ඉටුකිරීම බව, නව පත්වීම් ලබාගත් ග්‍රාම නිලධාරීන් අමතමින් අමාත්‍ය එස්.එම් . චන්ද්‍රසේන මහතා එහිදී පැවසීය.

    ECB/SB_dmu_anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya