අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 දැයට කිරුළ මාතර කොටුවිලදී

    ජූනි 11, 2014

    ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ති‍්‍රක්කයන් කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනය; මාතර, කොටුවිල අක්කර 144කින් යුත් භූමි භාගයේ පැවැත්වීමට කටයුතු කෙරේ.


    ඊට අමතරව ප‍්‍රදේශයේ ජනතාවගේ දැඩි ඉල්ලීම හේතුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ උපදෙස් මත අක්කර 24කින් සමන්විත මාතර, මැදවත්ත, මහින්ද රාජපක්ෂ විද්‍යාල භුමියේ ද දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ කොටසක් පැවැත්වීමට නියමිතය.


    මේ පිළිබඳව මාතර දිස්ති‍්‍රක්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පසුගිය සඳුදා පැවැත්විණි.


    එහිදී මාතර දිස්ති‍්‍රක්කයේ දැයට කිරුළ වැඩසටහන පැවැත්වීමට අදාළව මූලික කරුණු සාකච්ඡා කරන ලද අතර ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ යෝජනා සහ අදහස් විමසීම සිදුකරන ලදී.


    HC/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya