අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහට නව ග්‍රාම නිලධාරි පත්වීම් 225ක්

    ජූනි 10, 2014
    ගම්පහ දිස්ත්‍රික්කයේ නව ග්‍රාම නිලධාරින් 225කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණ. 
     
    මෙලෙස නව පත්වීම් ලැබුවේ පසුගිය මාර්තු මස පුහුණු නිලධාරින් ලෙස බඳවාගත් පිරිසකටය.
     
    මෙහිදී රාජපක්ෂ මහතා පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේ තම ගමට සේවය කිරීමට ලැබුණු මෙම අවස්ථාවෙන් උපරිම ඵල ලබා ගනිමින්, සෙසු රාජ්‍ය නිලධාරින් සමඟ එක්ව ජනතාවගේ ආදායම, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය ආදි සියලු ක්ෂේත්‍රවල දියුණුවට කටයුතු කරන ලෙසයි.
      
    ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 1177ක් පවතින අතර තවත් පුරප්පාඩු 108ක් ඉදිරියේදී පිරවීමට කටයුතු කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය. 
     
    මෙහිදී තම අයිතිවාසිකම් පිළිබඳව නො ව ඉටුවිය යුතු සේවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, ප්‍රාදේශීය ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
     
    DB/SJ_dmu_gampaha
     
    DSCF6197
     
     
     
     
    DSCF6200
     
     
     
     
    DSCF6212
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya