අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉවතලන අපද්‍රව්‍ය කාබනික පොහොර කිරීමට නුවරඑළියෙන් වැඩසටහනක්

    ජූනි 10, 2014
    නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය කාබනික පොහොර කරලීම සඳහා කඩිනමින් උපදෙස් ලබා දිය යුතු බවත් එම නිවෙස් හිමියන් ඇගයීම සඳහා නගර සභාව මඟින් නිසි ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය. 
     
    ඔහු මේ බව පැවසුවේ පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් පාරිසරික සහ කෘෂිකර්ම කමිටුවට සහභාගි වෙමිනි.
     
    පරිසර කමිටුවේදී වැඩිදුර සාකච්ඡාවට ලක්වූයේ කැළිකසල පිළිබඳ ගැටලුවයි. එමෙන් ම හදිසි කැලෑ ගිනිගැනීම් පිළිබඳව ගත යුතු නීත්‍යනුකූල ක්‍රියාමාර්ග තර කළ යුතු බවත් එම ගිනි ගැනීම් පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
     
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඳුනාගත් කෘෂිකාර්මික ගැටලු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර රසායනික පොහොර ආශ්‍රිතව සිදුවන වගා කටයුතු ක්‍රමානුකූලව අවම කර ගැනීම සඳහා පැවති උපදේශන වැඩසටහනක් ද සංවිධානය කිරීමට කෘෂිකර්ම කමිටුවේ දී තීරණය විය.
     
     
    බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.එන්. සිරිසේන මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය. එසේම ගොවි උපදේශන සේවාවන් සහ තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා ජංගම සේවයක අවශ්‍යතාව ගොවීන් වෙතින් ඉස්මතු වූ අතර ඒ සඳහා අවශ්‍ය අනුමැතියද මෙහිදී හිමි විය.
     
    NDH/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya