අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කළමනාකරුවන් සහ වතු සුබසාධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ජූනි 10, 2014
    වතුකරයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණෙන් වතු කළමනාකරුවන් සහ වතු සුබසාධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
      
    වතුකරයේ කාන්තාවන් මුහුණ දෙන පවුල් ආරවුල්, ගෘහස්ත හිංසනය, මිනිස් ජාවරම, සෞඛ්‍ය ගැටලු හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන ගැටලු අවම කිරීම පිළිබඳව උපදේශන සේවාවන් කිහිපයක් අරමුණු කරගෙන මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. එසේම වතුකරයේ දරුවන්ගේ ජීවන තත්ත්වය මෙන්ම අධ්‍යපනික ඉඩහසර නංවාලීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානය මෙහිදී යොමු වූ අතර ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දර්ශනී ප්‍රසාදී මහත්මිය විසින් මෙම උපදේශන වැඩසටහන මෙහෙයවීය.
      
    ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ මෙහෙයවීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මේ වැඩසටහන පැවැත්විණි.
     
    දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් පරිදි අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා වතු අංශයේ සේවයේ නියුතු වතු කළමනාකරුවන් සහ සුබසාධන නිලධාරීන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වූහ.
     
    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya