අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලා ආලෝක පූජාව මෙවරත්

    ජූනි 10, 2014
    පොසොන් පොහොය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය සංවිධානය කරන මිහින්තලා ආලෝක පූජාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) සවස විවෘත කිරීමට නියමිතය.
     
    52 වෙනි වරටත් පැවැත්වෙන මේ විදුලි ආලෝක පූජාවට ලංකා විදුලිබල මණ්ඩලය සමඅනුග‍්‍රාහකත්වය දක්වයි. මේ පිංකම මිහින්තලා රජමහා විහාරාධිපති, ගෞරව ශාස්ත‍්‍රවේදී වලහාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙනු  ඇත.
     
    මිහින්තලා ආලෝක පූජාවේ දෙවැනි දිනය වන අනිද්දා (12) එනම් පොසොන් පුර පසළොස්වක පෝ දින විදුලි ආලෝක පූජාව විවෘත කිරීම ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කිරීමට නියමිතය.
     
    මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව 24 වැනි වරටත් පැවැත්වෙන දහම් පාසල් සිසු දරු දැරියන්ගේ සීල සමාදාන වැඩසටහන මෙවරත් පොසොන් පොහෝදා  මිහින්තලා උඩමළුවේදී පැවැත්වේ.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya