අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සංවර්ධනයට බිලියන 38ක්

    ජූනි 10, 2014

    2014 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 38ක මුදලක් ලැබී ඇති බවත් එම මුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති අවිච්ඡේද නොවී දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවලට යොදා ගැනීමේදී රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම හා සහයෝගය අත්‍යවශ්‍ය බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.


    ග්‍රාමීය මාර්ග සංවර්ධනය ඇතුළු ග්‍රාමීය මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ලයිට් කණු ඉවත් කිරීම විදුලිබල මණ්ඩලය මඟින් කරදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් එය ග්‍රාමීය සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට ඉවහල් වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    ග්‍රාමීය මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති තෝරා ගැනීමේදී පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගේ අදහස්ද ලබාගෙන සහ‍යෝගයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කළේය.


    සෑම ගමක්ම ආවරණය වන පරිදි එක් ගමකට එක් වැඩක් යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. එම ව්‍යාපෘති යෝජනාවලට අදාළ ඇස්තමේන්තු කඩිනමින් සකස් කරන ලෙස නිලධාරීන්ට දන්වා සිටි අමාත්‍යවරයා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විමධ්‍යගත වැඩසටහන්වලට අදාළ ව්‍යාපෘති යෝජනා ජූනි 15ට පෙර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබාදෙන ලෙසත් දන්වා සිටියේය.


    මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ, දහඅට වංගුව මාර්ගයේ වැලි හා ගල් ප්‍රවාහනයේදී හඳුන්වා දී ඇති නව නීති හේතුවෙන් උඩදුම්බර ‍ප්‍රදේශයේ කඩිනම් සංවර්ධන කටයුතුවලට බාධා මතුවී ඇති බවයි. එබැවින් මෙම නීති ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙසත් ඔහු අදාළ ආයතනවලින් ඉල්ලීමක් කළේය.


    මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ‍ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා, පළාත් අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya